කොළඹට අද පැය 10ක් වතුර නැහැ

කොළඹට අද පැය 10ක් වතුර නැහැ

විදුලිබල මණ්ඩලය සිදුකරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

අද (25) පෙරවරු 11 සිට රාත්‍රි 09 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලටයි.

එමෙන් ම මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශවලට මෙන්ම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට සහ රත්මලාන, කටුබැද්ද යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළා.

COMMENTS