මැයි දිනය බේරේ වැවේ වුණත් අපට සමරන්න පුළුවන් – ජොන්ස්ටන් ප්‍රනාන්දු

මැයි දිනය බේරේ වැවේ වුණත් අපට සමරන්න පුළුවන් – ජොන්ස්ටන් ප්‍රනාන්දු

බේරේ වැව මතුපිට වේදිකාවක වුව ද තම පක්ෂයට මැයි දින රැලිය පැවැත්විය හැකි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු දැවැන්ත සංවිධාන ශක්තියක් සහිත පක්ෂයක් බව ද එම නිසා ලංකාවේ ඕනෑ ම තැනක මැයි දින රැලිය දැවැන්තව පැවැත්වීමට තම පක්ෂයට හැකි යැයි ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කීවේය.

ඉදිරියේදී තම පක්ෂයේ මැයි දින රැලිය දැවැන්ත ලෙස පැවැත්වීම පිළිබඳ මේ වන විටත් සාකච්ඡා පවත්වමින් තිබෙන බව ද එය පැවැත්වෙන ස්ථානය පිළිබඳ ඉදිරියේදී දැනුම්දෙන බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ ඊයේ (23) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් පළ කළේ ය.