2023 ක්‍රිකට් ලෝක කුසලානය ඔක්තෝබර් පහ ?

2023 ක්‍රිකට් ලෝක කුසලානය ඔක්තෝබර් පහ ?

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඔක්තෝබර් මාසයේ 05 වනදා ආරම්භවීමට වැඩි ඉඩකඩක් පවතින බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව එම වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම තරගාවලිය නොවැම්බර් මස 19 වනදා දක්වා පැවැත්වෙනු ඇති බවය.

කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරග 48කින් සමන්විත එම තරගාවලිය දින 46කදී පැවැත්වෙයි.

එම ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ තරගාවලියේ අවසාන මහා තරගය නොවැම්බර් 19 වනදා ලොව විශාලතම ක්‍රීඩාංගණය වන නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.

https://es.pn/3FGkXuw