රුපියල ශක්තිමත් වෙයි – රන් මිලත් බසී

රුපියල ශක්තිමත් වෙයි – රන් මිලත් බසී

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඊයේ (22) දිනයේදී රුපියල තවත් ශක්තිමත් වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව, අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 312.61ක් ලෙස දක්වේ.

එහි විකුණුම් මිල රු. 330.16ක් ලෙස සටහන් වී ඇත.

මේ අතර රුපියල තවදුරටත් ශක්තිමත් වීම හේතුවෙන් රන් පවුමක මිල රුපියල් 10,000කින් පමණ පහළ බැස තිබේ.

කොළඹ හෙට්ටිවීදියේ රත්රන් ආභරණ වෙළෙඳ සැල් හිමියන් පවසන්නේ ඊයේ (22) රන් පවුමක මිල රුපියල් දස දහසකින් පමණ පහත වැටී ඇති අතර, ඒ අනුව කැරට් 24ක රන් පවුමක මිල රුපියල් 165,000ක් සහ කැරට් 22ක රන් පවුමක මිල රුපියල් 151,250ක් දක්වා පහළ ගොස් තිබේ.