රනිල් ජනපති කිරීමට සියලු මෙහෙයුම් සිදුකළේ බැසිල්

රනිල් ජනපති කිරීමට සියලු මෙහෙයුම් සිදුකළේ බැසිල්

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ, පොදුජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ඊයේ (22) හෙළි කළේ ය.

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා අනුප්‍රාප්තික ජනාධිපති ධූරයට නුසුදුසු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ මතය වූ බව ද ඒ අනුව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට ඡන්දය නොදීමට පොදුජන පෙරමුණ තීරණය කළ බව ද ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්කිරීමට පාර්ලිමේන්තුව තුළ සිදු කළ සියලු මෙහෙයුම් සිදුකළේ ද බැසිල් රාජපක්ෂ බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.