SLT සහ Lanka Hospitals සමාගම්වල රජය සතු කොටස් විකිණීමට තීරණය කෙරේ

SLT සහ Lanka Hospitals සමාගම්වල රජය සතු කොටස් විකිණීමට තීරණය කෙරේ

Sri Lanka Telecom PLC සහ The Lanka Hospitals Corporation PLC යන සමාගම්වල රජය සතු කොටස් විකුණා දැමීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමි වී තිබේ.

රජය වෙනුවෙන් Sri Lanka Telecom PLCහි කොටස්වල අයිතිය දරන්නේ, මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වන අතර, කොටස් විකිණීමේ ක්‍රියාවලිය, රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය හරහා ක්‍රියාත්මක වීමට නියමිත බව එම සමාගම් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වේ.

රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙය සිදු කරන බව අදාළ සමාගම් නිවේදන නිකුත් කරමින් සඳහන් කර ඇත.

කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් වන Sri Lanka Telecom PLC සහ The Lanka Hospitals PLC විසින් මේ පිළිබඳව කොළඹ කොටස් වෙළඳපොළ දැනුවත් කිරීමට ද පියවර ගනු ලැබ තිබේ.

Sri Lanka Telecom PLCහි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50%ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතින අතර The Lanka Hospitals PLCහි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34%ක හිමිකාරීත්වය පවතින්නේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව ය.

COMMENTS