IMF ණය මුදලේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ නිකුත් කෙරේ

IMF ණය මුදලේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ නිකුත් කෙරේ

ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ මුදාහරින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ඒ අනුව ඒ යටතේ ඩොලර් මිලියන 333ක් මෙරටට නිදහස් කිරීමට නියමිත බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී Peter Breuer සඳහන් කළේ.

මාස 48ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක් සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ (20) අනුමැතිය ලබා දුන්නා.