අදත් පළාත් කිහිපයකට වැසි

අදත් පළාත් කිහිපයකට වැසි

සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, වවුනියා, මුලතිවු සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද (21) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ දෙපාර්තමෙන්තුව පවසනවා.

එමෙන්ම එම ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ද ඇති විය හැකියි.

තවද සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමෙන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමෙන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.