18 වංගුව මාර්ගය යළි විවෘත කෙරේ

18 වංගුව මාර්ගය යළි විවෘත කෙරේ

ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් වසා තිබූ මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව යළි තාවකාලිකව විවෘත කර තිබේ.

18 වංගුවේ දෙවන වංගුව ප්‍රදේශයට ඊයේ (19) පස්වරුවේ පස් කදු සහ ගල් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණි.

මේ වන විට මාර්ගයේ පස් කදු සහ ගල් ඉවත් කර ඇති අතර එය යළි රථවාහන ධාවනය සඳහා අවසර දී ඇති බව හසලක පොලීසිය පැවසුවේය.

COMMENTS