ආසියානු සහ ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරඟාවලියේ දී නව ජාතික වාර්තා

ආසියානු සහ ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරඟාවලියේ දී නව ජාතික වාර්තා

ආසියානු සහ ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තේරීම් තරඟවල පළමු දිනයේ දී නව ජාතික වාර්තාවක් සහ ජාතික කනිෂ්ඨ වාර්තාවක් බිහිකර තිබෙනවා.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී අද (20) ආරම්භ වූ තරඟාවලියේදී මීටර 110 පිරිමි කඩුළු මතින් දිවීමේ ඉසව්ව, තත්පර 13යි දශම 8යි 2කින් නිමකර ජාතික වාර්තාව පිහිටුවීමට ජනිදු ලක්විජය සමත් වුණා.

ඔහු විසින් බිඳහෙලුවේ 2021 වසරේ දී රොෂාන් රණතුංග තත්පර 13යි දශම 8යි 9කින් පිහිටුවා තිබූ ජාතික වාර්තාවයි.

මීට අමතරව අද (20) වළල ඒ. රත්නායක විද්‍යාලයේ තරුෂි කරුණාරත්න මීටර් 800 කාන්තා ඉසව්ව විනාඩි 2යි තත්පර 01යි දශම 3යි 9 කින් අවසන් කර එම ඉසව්ව ජයග්‍රහණය කළ අතර එය කනිෂ්ඨ ජාතික වාර්තාවක් වනවා.

COMMENTS