ලෝකයේ ඉහළම උද්ධමන ලැයිස්තුවේ ලංකාව තවත් පහළට

ලෝකයේ ඉහළම උද්ධමන ලැයිස්තුවේ ලංකාව තවත් පහළට

ජෝන් හොප්කිංස් විශවවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කේ සති දෙකකට වරක් ප්‍රකාශයට පත්කරන ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට ගොස් තිබේ.

මේ අනුව මීට පෙර ගණනය කිරීමේදී ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතර 16 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව මෙවර ඔහු ශ්‍රේණිගත් කර ඇත්තේ ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතර 18 වැනි ස්ථානයේය.

වරක් ආසියාවේ ඉහළම උද්ධමනයක් ඇති රට මෙන්ම ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතර දෙවැනි ස්ථානයටත් ඔහු ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර තිබුණි.

හැන්කේගේ නව සටහන අනුව තවමත් ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රට ලෙස සිම්බාබ්වේ ශ්‍රේණිගත කර තිබේ.