ඔබ කොතැනද ? උරේෂා අසයි

ඔබ කොතැනද ? උරේෂා අසයි

ඉතා මිහිරි හඬකින් ගීත ගායනා කරන, අපේ රටේ කවුරුත් ආදරේ කරන හරි නිහතමානී ගායිකාවක් තමයි උරේෂා රවිහාරි කියන්නේ. චිත්‍රපට පසුබිම් ගායනය අතින් ගත් විට ඇය පසුබිම් ගායනා ඉදිරිපත් නොකල චිත්‍රපටයක් නැති තරම්. උරේෂා රවිහාරී සම්මානනීය ගායන ශිල්පිනියක්.

ඉතින් කලකට පසුව උරේෂා රවිහාරී අලුත් ගීතයක් මීට සුළු මොහොතකට පෙර සමාජ මාධ්‍ය හරහා සිය රසික රසිකාවියන්ට තිළිණ කළා. ඒ ගීතය නමින් “ඔබ කොතැනද” කියන ගීතයයි

එම ගීතයේ පද රචනය ඩිලාන් ගමගේ විසින් කර තිබෙන අතර සංගීතය උදාර සමරවීර විසින් කර තිබෙනවා.

උරේෂා කලකට පසුව කරන නිර්මාණයක් නිසා මේ වනවිට බොහෝ ප්‍රේක්ෂක අවධානය ඒ සදහා යොමු වී ඇති අතර එය සුන්දර නිරමාණයක් වෙනවා. My newslanka හරහා අපි මෙලස එය ඔබ වෙත ගෙන එනවා.