ලෝක ස්ථූලතා දිනය අද – 2035 වන විට ලෝක ජනගහනයෙන් 51%කගේ සෞඛ්‍ය අවදානමේ

ලෝක ස්ථූලතා දිනය අද – 2035 වන විට ලෝක ජනගහනයෙන් 51%කගේ සෞඛ්‍ය අවදානමේ

අද 4 ලෝක ස්ථූලතා දිනයයි

මෙවර ස්ථූලතා දින තේමාව වන්නේ “ දැනුවත් වෙමු – ස්ථුලතාවයෙන් මිදෙමු – නිරෝගී වෙමු” යන්නයි.

ලෝකයේ වැඩිහිටියන්ගෙන් එනම්, වයස අවුරුදු 18 සහ ඊට වැඩි කාන්තාවන් සහ වැඩිහිටි පිරිමින්ගෙන් බිලියන 1.9කට වැඩි ප්‍රමාණයක් අධිබර පුද්ගලයින් ලෙසට වාර්තා වී තිබෙනවා.

එම සංඛ්‍යා මිලියන 650 ක්ම අධික තරබාරු බවින් පෙලෙන්නන් බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව ලෝක ජනගහනයෙන් සියයට 39 ක් එනම් තුනෙන් එකක් අධිබර පුද්ගලයන්.

මේ අතර, 2035 වනවිට ලෝක ජනගහනයෙන්, සියයට 51 ක් ස්ථුලභාවයෙන් පෙලෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

2015 වසරේදී සිදුකළ සමීක්ෂණයකින් ශ්‍රි ලංකාවේ පුරුෂයන්ගෙන් සියයට 22 ක් තරබාරු පුද්ගලයින් ලෙසට හදුනාගත් අතර, 2021 වසරේ සිදුකළ සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී ඇත්තේ එය සියයට 30 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන කියා සිටියේ කාන්තාවන්ගෙන් සියයට 34 ක් 2015 දී බරවැඩි පිරිස ලෙස වාර්තා වන අතර එය 2021 වසරේදී සියයට 47.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

වැඩිවශයෙන් ස්ථුලභාවයෙන් පෙලෙන්නන් දක්නට ලැබෙන්නේ අප්‍රිකා සහ ආසියානු කලාපවලින් වීම ද විශේෂත්වයක්.

විවිධ හේතුන් මත ලොව මරණයට පත්වන පිරිසෙන් පස්වන ස්ථානය අධික ස්ථුලතාවයෙන් සිදුවන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වසරකට මිලියන 2.8 ක් මියයන බව සදහන්