සමිතගෙන් ළඟ එන අලුත් ගීතය

සමිතගෙන් ළඟ එන අලුත් ගීතය

රටක්ම ආදරේ කරන ඉතාමත් දක්ශ ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියන්නේ.

ජනප්‍රිය ගී ගණනක් ගැයූ සමිතා මුදුන්කොටුව කවුරුත් ආදරේ කරන සුන්දර චරිතයක්.

ඇය ගැයූ ගී මතකයන් වලට බොහෝ දෙනෙක් අදටත් ආදරය කරනවා, ඒ වගේම තමයි ක්ෂේත්‍රය තුළත් නිහතමානීව ගමනක් යන කෙනක් විදිහටයි ඇයව බොහෝ දෙනා හඳුන්වන්නේ.

මීට ස්වල්ප මොහොතකට කලින් සමිතා සමාජ මාධ්‍ය ගිණුමට වීඩියෝවක් එක් කර තිබුණා.

ඒ ඇගේ නවතම ගීතය ගැන ශ්‍රී ලාංකික ඇගේ රසික රසිකයන්ට පොඩි ඉඟියක් ලබා දෙන ගමන් ඇය සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා මෙලෙසින්, “ඔයාලා මට බනියි… ඒත් මේ කතාව හංගගෙන තවත් බලාගෙන ඉන්න කාලයක් නෑ මට…. මාර්තු 8 හවස 5ට බලමු” යනුවෙන්