වර්ජන මැද පාර්ලිමේන්තුවේ නව වැනි සැසිවාරය අද

වර්ජන මැද පාර්ලිමේන්තුවේ නව වැනි සැසිවාරය අද

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය විවෘත කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) සිදු කෙරේ.
ඒ සඳහා වන උත්සවය ආරම්භ කෙරෙන්නේ අද පෙරවරු 9.30 ටයි.

ජනාධිපතිවරයා පෙරවරු 10.00 ට පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

චාම් උත්සවයක් ලෙස මෙය පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති අතර ඒ අනුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලී නොපැවැත්වෙන බව පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

මේ අතර සමගි ජනබලවේගය අද පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම දැනට ස්වාධීනව කටයුතු කරන පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම පාර්ශවයේ කණ්ඩායමද ඊට සහභාගි නොවන බව පාර්ලිමේන්තු මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල නියෝජනය කරන නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් ද අද සැසිවාරයට සහභාගි නොවන බව ප්‍රකාශ කර තිබෙනවා.