මහා සංඝරත්නය හා පොලීසිය පැටලෙයි

මහා සංඝරත්නය හා පොලීසිය පැටලෙයි

13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් ත්‍රෛනිකායික භික්ෂු එකමුතුව අද (08) උදෑසන ආරම්භ කළ පාගමන අතරතුර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඒ පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධිය අසලින් පාගමන වැළැක්වීම සඳහා පොලීසිය කටයුතු කිරීමත් සමඟයි.

ඇතුල්කෝට්ටේ – පැරකුම්බා පිරිවෙන ඉදිරිපිටින් අද (08) උදෑසන මෙම විරෝධතා පාගමන ආරම්භ කෙරුණා.

මේ වනවිට විරෝධතාවට එක්ව සිටින භික්ෂුන් වහන්සේ පොල්දූව මංසන්ධියේ බිම වාඩි වී සිටින බවයි වාර්තා වෙන්නේ.

COMMENTS