භික්ෂූන්වහන්සේලා පන්දහසක් අද කොළඹට

භික්ෂූන්වහන්සේලා පන්දහසක් අද කොළඹට

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව 5000ක් මහා සංඝරත්නය අද (08) දිනයේ දී කොළඹට වැඩමවීමට නියමිත බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා.

ඊයේ (7) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන් වහන්සේ කියා සිටියේ,

” හැටදහසක් මේ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කටයුතු කොට ජීවිත පරිත්‍යාග කළා. අද ඒ මිනී උඩ ඉඳගෙන තමයි ජනතා විමුක්ති පෙරමුණ නියමයෙන් හෝ අනියමයෙන් උඩගෙඩි දෙන්නෙ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියා කරන්න, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩම් බලතල පොලිස් බලතල දීමෙන් රට දෙකඩ වෙන්නෙ නෑ කියනවනම් අපි ලෑස්තියි ඔවුන්ට මේකෙ යථාර්ථය කියලා දෙන්න.” යනුවෙන්.

අදින් ආරම්භ වන සටන මුළු රට ම එක මිටට ගෙන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙළගස්වන බව ද උන්වහන්සේ එහි දී වැඩිදුරටත් පැවසුවා.

COMMENTS