පොලීසිය කළ ඉල්ලීමක් උසාවිය ඉවත දමයි

පොලීසිය කළ ඉල්ලීමක් උසාවිය ඉවත දමයි

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහි ව ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව විසින් අද (08) පස්වරුවේ කොළඹ කොටුව බල ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර ඇති උද්ඝෝෂණය සහ පාගමන වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන්නැ යි ඉල්ලා පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

එහි දී මහේස්ත්‍රාත් තිලිණ ගමගේ කියා සිටියේ ජනතාවට සාමකාමී ව උද්ඝෝෂණ සහ පා ගමන්වල නිරත වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අයිතියක් ලබා දී ඇති බව යි.

එහෙත්, යම් පාර්ශවයක් කලහකාරිව හැසිරුණහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පොලීසියට බලය පවතින බව ද මහේස්ත්‍රාත්වරයා සිහිපත් කළා.

මේ අතර, රජය විසින් පනවා ඇති නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් දිවයින පුරා ක්ෂේත්‍ර රැසකට බලපෑම් එල්ල වී ඇති බව යි වාර්තා වෙන්නේ.

COMMENTS