පාර්ලිමේන්තුවේ නව සැසිවාරය සජබ, ඩලස් පිල වර්ජනය කරයි

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය සජබ, ඩලස් පිල වර්ජනය කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන 9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරයට සහභාගිවීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජාතික ජනබලවේගය පවසනවා.

එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අද රාත්‍රියේ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

මේ අතර සමගි ජනබලවේගයද හෙට පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම දැනට ස්වාධීනව කටයුතු කරන පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම පාර්ශවයේ කණ්ඩායමද ඊට සහභාගි නොවන බව පාර්ලිමේන්තු මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල නියෝජනය කරන නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් ද හෙට සැසිවාරයට සහභාගි නොවන බව ප්‍රකාශ කර තිබෙනවා.