නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් හෙට කොළඹ වටලයි

නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් හෙට කොළඹ වටලයි

නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් හෙට වරාය, තෙල්, විදුලි සහ ජල සේවකයින් ද හෙට දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වන බව එම වෘත්තීය සමිති පවසයි.

මේ අතර, රජය විසින් පනවනු ලැබූ නව බදුවලට විරෝධය පළ කිරීම සඳහා හෙට (පෙබ. 8) උදෑසන 8.00 සිට අනිද්දා උදෑසන 8.00 දක්වා සංකේත වැඩවර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙරට වෘත්තීයවේදීන් දස දහස් ගණනක් හෙට දිනයේදී කොළඹට පැමිණීමට නියමිත බව ය.

එමෙන් ම වෛද්‍ය වෘත්තියට සම්බන්ධ අනෙකුත් සියලු වෘත්තිය සමිති සහ විද්‍යායතන සමග එක්ව හෙට දිනයේදී හදිසි ප්‍රතිකාර සේවා හැර අනෙකුත් සියලු පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ඉවත් වීමට ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ වන විට තීරණය කර ඇති බව එහි දැක්වේ.