විදුලි කප්පාදුවට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

විදුලි කප්පාදුවට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවල දී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ගොනුකළ මුලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 14 වැනි දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

ඒ, එම පෙත්සම අද (06) සලකා බැලුනු අවස්ථාවේ දී්‍යි.

ප්‍රියන්ත ජයවර්ධන, අචල වෙංගප්පුලි හා මහින්ද සමයවර්ධන යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල තීන්දු කළේ, පෙත්සම සලකා බැලීම ජුලි මස 14 වැනිදා සිදුකිරීමට යි.

මේ අතර අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදුකිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සම සලකාබැලීමට මේ මස 8 වනදා එය කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (06) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එදින මෙම නඩුවට අදාළ ලේඛන ඉදිරිපත් කිරීම සඳහාත් අධිකරණය මහජන උපයෝගීතා කොමිසමට අවසර ලබා දුන්නේය.