ලාෆ් ගෑස් මිල උස්සයි

ලාෆ් ගෑස් මිල උස්සයි

ලිට්රෝ ගෑස් මිලට සමගාමීව ලාෆ් ගෑස් මිල ද ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 5,280 ක් ලෙසයි.

කිලෝග්‍රෑම් පහේ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 2,112 ක් ලෙස දැක්වුණා.

ඊට අමතරව කිලෝග්‍රෑම් දෙකේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32 කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල සටහන් වූයේ 845 ක් ලෙසයි.

මෙම මිල සංශෝධනය අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.

ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් ඇති අවස්ථාවක අවම අගයකින් මෙලෙස ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගත් බවයි එම සමාගම වැඩිදුරටත් කියා සිටියේ.