මේ වසරේ සහල් හිඟයක් නැහැ – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

මේ වසරේ සහල් හිඟයක් නැහැ – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

ගොයම් පත්‍ර කහ පැහැවීමේ රෝගය පැවතියද මෙම වසරේ සහල් හිඟයක් ඇති නොවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මාලතී බී. පරසුරාමන් කියා සිටියේ හෙක්ටයාර හත්ලක්ෂ හැටපන්දහසක් වන වී වගා වපසරියෙන් මෙම රෝගය වාර්තා වන්නේ සියයට 3 ත් සියයට 5ත් අතර භූමි ප්‍රදේශයක පමණක් බවයි.

එබැවින් රටට ප්‍රමාණවත් තරම් වී අස්වැන්නක් ලබා ගත හැකි බවයි පේරාදෙණියේ පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ.