ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ ඉන්දුනීසියාවේදි මියයයි

ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ ඉන්දුනීසියාවේදි මියයයි

ඔපෙක්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කලමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ, ඉන්දුනීසියාවේ ජකර්තා හි මහල් නිවාසයක මියගොස් සිටියදී සොයාගෙන තිබේ.

මිය යන විට ඔහු 45 හැවිරිදි වියේ පසු වුනා.

සිද්ධිය සම්බන්ධයෙන් ජකර්තා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වෙන්නේ

සුබසිංහ ඇමරිකා එක්සත් ජනපදයේ කෝනෙල් විශ්වවිද්‍යාලයෙන් විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති අතර ආයෝජන, ශාස්ත්‍රඥයන් සහ පළපුරුද්ද පිළිබඳ ඔහුගේ දැනුම “ඔපෙක්ස් හෝල්ඩිංග්ස්” දියුණුවට විශාල දායකත්වයක් සැපයු බව එම ආයතනය පවසයි.

ඔපෙක්ස් යනු දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා විශේෂිත දියර පොහොර නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ පළමු සමාගම වන අතර, ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ පෝෂණ කළමනාකරණ ක්ෂේත්‍රයේ පුරෝගාමියා ද වේ