ගෑස් මිල ඉහළ යාමත් සමඟ ආපනශාලා නිෂ්පාදනවල මිල ගණන් වෙනස් වෙන ලකුණු

ගෑස් මිල ඉහළ යාමත් සමඟ ආපනශාලා නිෂ්පාදනවල මිල ගණන් වෙනස් වෙන ලකුණු

ආපනශාලා නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය තීරණය කිරීම පිළිබඳ අවසන් තීරණය හෙට ප්‍රකාශයට පත්කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ගෑස් මිල ඉහළ යාමත් සමඟ සිය නිෂ්පාදන හා සේවාවල මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කළේ.

මේ අතර අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලින්ඩරයක් රුපියල් 334කින් ඉහළ දැමෙනු ඇති.

දැනට කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 4409ක් ලෙසින් වන අතර ඉහළ යාමත් සමග එය 4743ක් ලෙසයි.

කිලෝග්‍රෑම් 5ක් බරැති ගෑස් සිලින්ඩරයක් රුපියල් 134කින් ඉහළ යන්නේ නව මිල 1904ක් බවට පත්වෙමින්.

එහි දැනට පවතින මිල වන්නේ රුපියල් 1770ක්.

COMMENTS