ගෑස් මිල ඉහළට

ගෑස් මිල ඉහළට

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලින්ඩරයක් රුපියල් 334කින් ඉහළ දැමෙනු ඇති.

දැනට කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 4409ක් ලෙසින් වන අතර ඉහළ යාමත් සමග එය 4743ක් ලෙසයි.

කිලෝග්‍රෑම් 5ක් බරැති ගෑස් සිලින්ඩරයක් රුපියල් 134කින් ඉහළ යන්නේ නව මිල 1904ක් බවට පත්වෙමින්.

එහි දැනට පවතින මිල වන්නේ රුපියල් 1770ක්.

රුපියල් 61කින් ඉහළ දමා ඇති කිලෝග්‍රෑම් 2.3ක් බරැති ගෑස් සිලින්ඩරයේ නව මිල වන්නේ රුපියල් 883ක් බවයි ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් අද පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළා.