අද පැය 2යි විනාඩි 20ක් – හෙට පැය දෙකක් විදුලිය කැපෙයි

අද පැය 2යි විනාඩි 20ක් – හෙට පැය දෙකක් විදුලිය කැපෙයි

අද (05) දිනයේදී පැය දෙකයි විනාඩි විස්සක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

ජල විදුලි උත්පාදනය සඳහා ජලය මුදාහැරීම අඩුවීම සහ තාප විදුලිය නිෂ්පාදනයට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මෙලෙස විදුලිය කප්පාදු කෙරෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ.

එසේම හෙට දිනයේදී විදුලි කප්පාදුව පැය දෙකකට පමණක් සීමා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ජල විදුලි බලාගාර ආශ්‍රිතව පවතින වැසි තත්වයන් අනුව විදුලි කළමනාකරණ ක්‍රියාමාර්ග ගැනීම අත්හිටුවනු ලැබිය හැකි බවයි විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ.

COMMENTS