වසන්තලාට අධිකරණයෙන් නියෝගයක් – උතුරේත් විරෝධතා

වසන්තලාට අධිකරණයෙන් නියෝගයක් – උතුරේත් විරෝධතා

මාර්ග අවහිර කරමින් මහජනතාවට පීඩාවක් සහ කරදරයක් සිදුවන ආකාරයට සාමකාමී නොවන උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළා.

ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු සහභාගි වන වෙනත් තැනැත්තන් වෙතයි.

මේ අතර යාපනය විශ්වවිද්‍යාලය, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ එක්ව සංවිධාන කළ විරෝධතා පාගමනක් ද අද යාපනයේදී පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත්, යාපනය – පන්නෙයි මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් යාපනයේ සිවිල් සංවිධාන ක්‍රියාකාරින් පිරිසක් නිදහස් දිනය සැමරීමට ද පියවර ගෙන තිබුණා.