‘මුන්නල්’ සහ ‘රහස් කියන කඳු’ IFFR අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මාන දිනයි

‘මුන්නල්’ සහ ‘රහස් කියන කඳු’ IFFR අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මාන දිනයි

‘මුන්නල්’ සහ ‘රහස් කියන කඳු’ යන චිත්‍රපට සඳහා නෙදර්ලන්තයේ පැවැත්වෙන International Film Festival Rotterdam (IFFR) අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මාන දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

මෙරට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ චිත්‍රපටයක් වන ‘මුන්නල්’ International Film Festival Rotterdam (IFFR) හි දී විශේෂ ජූරි සම්මානයක් දිනාගැනීමට සමත්ව තිබෙනවා.

එමෙන්ම එම සම්මාන උළෙලේදීම Netpac සම්මානය දිනාගැනීමට ජගත් මනුවර්ණ කොඩිතුවක්කුගේ කුළුඳුල් චිත්‍රපටය වන ‘රහස් කියන කඳු’ චිත්‍රපටය සමත් වුණා.

Netpac සම්මානය හිමිවන්නේ ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට වන අතර මින් පෙර ශ්‍රී ලංකාව මෙම සම්මානය හිමිකරගෙන ඇත්තේ එක්වරක් පමණයි.