ගාලු මුවදොර ප්‍රවේශ මාර්ග වැසේ

ගාලු මුවදොර ප්‍රවේශ මාර්ග වැසේ

75 වැනි ජාතික නිදහස් දින සැමරුම හේතුවෙන් ගාලු මුවදොර ප්‍රවේශ මාර්ග ඇතුළු කොළඹ අවට මාර්ග කිහිපයක්, සැමරුම් උත්සවයේ කටයුතු අවසන් වනතුරු වසා තබන බව පොලීසිය දැනුම් දෙනවා.

මේ අතර ඊයේ (03) රාත්‍රියේදී මරදාන, එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවැත්වූ නිදහසේ සත්‍යග්‍රහයේ නිරත පිරිසකට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඊයේ (03) දහවල් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ, අධික මුදලක් වැය කරමින් 75 වැනි නිදහස් දිනය සැමරීමට විරෝධය පළ කරමිනි.

ඊයේ රාත්‍රියේ පොලිස් නිලධාරීන් පැමිණ දැනුම් දී ඇත්තේ , මෙම ස්ථානයේ විරෝධතකා පැවැත්විමට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බවයි.

එහෙත් ඊට ඒම ස්ථානයේ සිටි පිරිසගේ විරෝධය පළ වුණ අතර ඔවුන් දිගින් දිගටම ස්ථානයෙන් ඉවත් නොවි සත්‍යග්‍රහයේ නිරත වෙමින් සිටි බවයි වාර්තා වෙන්නේ.