අද ප්‍රදේශ කිහිපයකට අකුණු සමඟ වැසි

අද ප්‍රදේශ කිහිපයකට අකුණු සමඟ වැසි

අද (04) දින උතුරු, උතුරු- මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මි. 50ක ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදය කාලයේදී ද වැසි ඇති විය හැකි යි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

COMMENTS