මහනුවර රෝහලේ පිළිකා රෝගීන් අපහසුතාවක

මහනුවර රෝහලේ පිළිකා රෝගීන් අපහසුතාවක

රජයේ රෝහල්වල විකිරණ ප්‍රතිකාර හා විකිරණ පරීක්ෂණ කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

ඒ, අලුත්වැඩියා ප්‍රමාද වීම හා අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් ය.

එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, මහනුවර ජාතික රෝහලේ විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 2ක සේවා ලබා ගැනීමට සති කිහිපයක සිට නොහැකි වී ඇති බවයි

ඔහු ප්‍රකාශ කළේ X-Ray පරීක්ෂණ සිදු කිරීමටද බාධා මතුව ඇති බවයි.

කෙසේ වෙතත්, එය අක්‍රීය වීම හේතුවෙන් මේ වනවිට තාක්ෂණයෙන් ඉතා අවම සහ අඩු නිරවද්‍යතාවක් සහිත ප්‍රතිකාර යන්ත්‍රයක් වන “කොබෝට් 60” විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර යොදා ගනිමින් රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන බවයි වාර්තා වන්නේ.