කරන්ට් කැපිල්ල ගැන කළ ඉල්ලීම උසාවිය ඉවත දමයි

කරන්ට් කැපිල්ල ගැන කළ ඉල්ලීම උසාවිය ඉවත දමයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අතරතුර ලංකා විදුලි බල මණ්ඩලයට විදුලිය විසන්ධි කිරීම වළක්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීරණය කළේ.

ගාමිණි අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීරණය ලබාදුනි.

මානව හිමිකම් කොමිසම විසින් විදුලිබල මණ්ඩලය ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ අපහාස පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය කළ විනිසුරු මඩුල්ල වැඩිදුර සලකා බැලීම ලබන 07 වනදා සිදු කරන බවත් නියෝග කර තිබේ.

COMMENTS