“13 එපා” ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

“13 එපා” ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බව ත්‍රෛනිකායික මහා සංඝරත්නය ජනපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කරති.

දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර ඉඩම් හා පොලිස් බලතල ඇතුළු බලතල පළාත් සභා වෙත ලබා දීම රාජ්‍යයේ පාලනය ව්‍යාකූල කිරීමට හේතු වන බව ද උන්වහන්සේලා පවසති.

මල්වතු පාර්ශයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සිය අත්සනින් යුතුව මෙම ලිපිය නිකුත් කර තිබේ.

ජනපති රනිල් වික්‍රමසිංහ අද (2) මල්වතු අස්ගිරි මහා විහාරවලට ගොස් මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේලා මෙම ලිපිය ජනාධිපතිවරයාට ලබා දී ඇත.

එම ලිපිය පහතින්,