රුපියල සියයට 44කින් බාල්දු වෙලා

රුපියල සියයට 44කින් බාල්දු වෙලා

2022 වසරේදී ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 44.8කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මෙරට විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ වාර්තාවක එලෙස සඳහන් වේ.

2023 වසරේ ජනවාරි මස 31 වන දින දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලින් පවුම, ඉන්දියානු රුපියල, ඔස්ට්‍රේලියානු ඩොලරය සහ ජපන් යෙන්වලට සාපේක්‍ෂව අවප්‍රමාණය වී ඇති බව ද මහ බැංකුව ප්‍රකාශ කරයි.

ඒ අනුව, යූරෝ මුදල් ඒකකයට සාපේක්‍ෂව සියයට 41.4 කින් ද, ස්ටර්ලින් පවුමට සාපේක්‍ෂව සියයට 38.1 කින්ද ද, ජපන් යෙන් මුදල් ඒකකයට සාපේක්‍ෂව සියයට 36.4කින්ද, ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 40.8කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්‍ෂව සියයට 38.6කින් අවප්‍රමාණය වී ඇත.