පාකිස්ථානයේ සංශෝධිත ණය කළමනාකරණ සැලැස්ම IMF ඉවත දමයි

පාකිස්ථානයේ සංශෝධිත ණය කළමනාකරණ සැලැස්ම IMF ඉවත දමයි

පාකිස්ථානය විසින් ඉදිරිපත් කරන ලද සංශෝධිත ණය කළමනාකරණ සැලැස්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පකිස්ථානය පිළිබඳ විශේෂඥ නිරීක්ෂකයන් විසින් අදාළ සැලසුම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

විදුලිබල ඒකකයක් සඳහා වන බදු පකිස්තාන රුපියල් 11ත්, 12යි ශත 50ත් අතර අගයකින් ඉහළ දමා මෙම මූල්‍ය වර්ෂයේ අතිරේක සහනාධාර රුපියල් බිලියන 335ක සීමාවේ රඳවාගන්නා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් පාකිස්ථානය ඉදිරිපත් කළ ණය කළමනාකරණ සැලැස්ම යථාර්ථවාදි නොවන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇත්තේ.

https://bit.ly/3DCoMA2