ගෑස් මිල ගෑස් පෙන්වන ලකුණු

ගෑස් මිල ගෑස් පෙන්වන ලකුණු

මෙම සති අන්තයේ සිට කිලෝ ග්‍රෑම් 12.5 වර්ගයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 ත් 400 ත් අතර අගයකින් ඉහළ යනු ඇති බව ලිට්‍රෝ සමාගමේ ආරංචි මාර්ග සඳහන් කළා.

එය මෙම සති අන්තයේ සිට මිල සංශෝධනය වනු ඇති බවයි පැවසෙන්නේ.

පසුගිය ජනවාරි මාසයේ මැද භාගයේදි ලිට්‍රෝ සමාගම මේ සම්බන්ධයෙන් පෙර දැනුම්දීමක්ද කර තිබුණා.

ගෑස් මිල සූත්‍රයට අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700ත් 800 ත් අතර මිලකින් ඉහළ යාමට නියමිතයි. එහෙත් එලෙස වැඩි අගයකින් මිල වැඩි කිරීම නිසා පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මෙලෙස රුපියල් 300 ත් 400 ත් අතර අගයකින් මිල වැඩි කිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ වන විට 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළඳපලේ අලෙවි වන්නේ රුපියල් 4409 කටයි.

රුසියාව සහ යුක්‍රේනය අතර හටගෙන ඇති යුධමය වාතාරවරණය හේතුවෙන් ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා.