අරගලයට සහය දැක්වූ සුදු කත ආගිය අතක් නැහැ – සෙවීමට මහජනතාවගේ සහාය ඉල්ලයි

අරගලයට සහය දැක්වූ සුදු කත ආගිය අතක් නැහැ – සෙවීමට මහජනතාවගේ සහාය ඉල්ලයි

ගාලු මුවදොර අරගලය ක්‍රියාත්මක වන සමයේ සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී වූ පසුව සමාජයේ දැඩි ලෙස කතාබහට ලක් වූ බ්‍රිතාන්‍ය ජාතික කයිලී ෆ්‍රේසර් (Kayleigh Fraser) සොයා ගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මහජනතාවගේ සහාය ඉල්ලා සිටිනවා.

වීසා කොන්දේසි කඩ කිරීමක් සම්බධයෙන් ඉකුත් අගෝස්තු මාසයේ දී ආගමන හා විගමන නිලධාරීන් විසින් ඇයගේ නිවසට ගොස් ප්‍රශන කළ අතර ඇයගේ විදේශ ගමන් බලපත්‍රය ද ඔවුන් භාරයට ගනු ලැබුවා.

ඉකුත් අගෝස්තු 15 වන විට රට හැර යන ලෙස නියෝග ලබා සිටි මෙම විදෙස් කාන්තාව මේ වන විට ඇය රැඳී සිටි නිවෙසින් පලා ගොස් ඇති බවයි කරුණු වාර්තා වන්නේ.

කෙසේ නමුත් ආගමන හා විගමන නිලධාරීන් විසින් ඇයව සොයා ගැනීම සඳහා මහජන සහාය පතන අතරවාරයේ විශ්වාසය පළ කරන්නේ ඇයගේ විදේශ ගමන් බලපත්‍රය රාජසන්තක කර ඇති බැවින් එය ලබා ගැනීම සඳහා ඔවුන් වෙත පැමිණිය යුතු බවයි.

එසේ ම ඇය කිසි ලෙසකින්වත් රට හැර ගොස් නොමැති බවත් ඇය විසින් ආගමන විගමන බලධාරින් මග හරිමින් සිටින බවත් අදාල දෙපාර්තමේන්තුව විසින් විශ්වාසය පළ කරනවා.