අදත් පැය 2යි විනාඩි 20ක් කළුවරේ

අදත් පැය 2යි විනාඩි 20ක් කළුවරේ

උසස් පෙළ විභාගය අවසන් වන මේ මස 17 වනදා දක්වා කිසිදු ආකාරයක විදුලි කප්පාදුවකට අවසර ලබාදී නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් තුන් ලක්ෂ තිස් එක්දහසකගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ.

එය නොතකා සිදුකරන විදුලි කප්පාදුවක් අනවසර සහ අනීතික ක්‍රියාවක් බවද ඔහු සඳහන් කළා.

විදුලිය උත්පාදනය සඳහා අතිරික්ත ජලය නිකුත් කිරීමට ජල කළමණාකරණ ලේකම් කාර්යාලය එකඟ වීමත් සමඟ පසුගිය 30 සහ 31 යන දින දෙකෙහි විදුලි කප්පාදුවක් සිදු කෙරුණේ නැහැ.

එහෙත් එම කාර්යාලය ඊයේ ප්‍රකාශ කළේ විදුලි උත්පාදනය සදහා තවදුරටත් අතිරික්ත ජලය නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව ඊයේ සිට යලි පැය 2යි විනාඩි 20 කාලයක් විදුලිය කප්පාදු කෙරුණා.

අද දිනයේද එය ක්‍රියාත්මක බවයි ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ.

COMMENTS