මුදලිගේට එරෙහිව පැවති නඩු 03 ට ඇප

මුදලිගේට එරෙහිව පැවති නඩු 03 ට ඇප

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහි ව පවතින නඩු 03කට අදාළ ව ඔහුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කර තිබෙනවා.

ඒ, අදාළ නඩු අද (01) කැඳවූ අවස්ථාවේ දී.

මේ අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ඊයේ (31) ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ චෝදනාවලින් නිදහස් කෙරුණා.

ඒ, අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවුණු අවස්ථාවේ දී.

එහි දී මහේස්ත්‍රාත්වරයා කරුණු පැහැදිලි කරමින් නියෝග කළේ, වසන්ත මුදලිගේ ව ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රඳවා තැබීම සඳහා කිසිදු සාක්ෂියක් නොමැති බව යි.

වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් පැවසුවේ ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වසන්ත මුදලිගේට එරෙහි ව සාක්ෂි නොමැති හෙයින් ඔහු ව නිදහස් කරන ලෙස යි.

එම කරුණු සැලකිල්ලට ගැනීමෙන් හා පවතින සාක්ෂි පදනම් කරගෙන මහේස්ත්‍රාත්වරයා වසන්ත මුදලිගේ ව නිදහස් කරන ලෙස දැනුම් දුන්නා.

සැකකාර වසන්ත මුදලිගේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ බවක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවූ බවක් හෝ ඒ සඳහා උපදෙස් දුන් බවක් ද අනාවරණය වී නැති බව යි මහේස්ත්‍රාත්වයා අවධාරණය කර ඇත්තේ.

වසන්ත මුදලිගේ විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සමඟ මුදල් හුවමාරු කරගත් බවට ගැමුණු විජේරත්න කළ ප්‍රකාශය ද සාක්ෂි නොමැති අනාවරණය නො වූ කරුණක් බවත් එය හුදු ප්‍රකාශයක් බවත් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයේ සඳහන්.