බදු ප්‍රමාණය වැඩි බව නාමලුත් පිළිගනී

බදු ප්‍රමාණය වැඩි බව නාමලුත් පිළිගනී

ඉදිරියේදී ඇතැම් ක්ෂේත්‍රවල බදු සංශෝධනයක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින්

එහිදී නාමල් රාජපක්ෂ මාධ්‍යට දැක්වූ අදහස්,

බදු පිළිබඳව අපිටත් චෝදනා තිබෙනවා. බදු ප්‍රමාණය වැඩියි. හැබැයි එදා අරගල කළේ බදු අයින් කළේ ඇයි කියලා අහලා. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂට එල්ල කළ චෝදනාව. අද බදු දාලා තියෙනවා.

කොහොම වුණත් මේ කාරණාවලදී ආණ්ඩුව මීට වඩා සැලකිලිමත් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

දැනගන්න ලැබුණා ඉදිරි කාලසීමාව තුළ යම් සංශෝධනයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා කියලා. සමහර ක්ෂේත්‍රවල. පැහැදිලිව බදු ප්‍රමාණයේ යම් සංශෝධනයක් විය යුතුයි.” යනුවෙන්