නටපු යුවලකට වසර 10ක සිර දඬුවමක්

නටපු යුවලකට වසර 10ක සිර දඬුවමක්

ඉරානයේ 20 හැවිරිදි යුවලකට වසර 10 ක සිර දඬුවම් නියම වී තිබෙනවා.

ඔවුන්, එරට වීථියක නර්ථනයෙන් විරෝධතාවක යෙදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පළ කර තිබීම, ඊට හේතුවයි.

ඔවුන් අදාළ වීඩියෝව පටිගත කර ඇත්තේ, ටෙහෙරානයේ අසාඩි නොහොත් නිදහස් කුලුන ආසන්නයේ‍.

එරට පොලිස් අත්අඩංගුවේ සිටිය දී පසුගියදා කාන්තාවක මිය ගියා. ඒ හේතුවෙන් ඉරානය තුළ විරෝධතා මාලාවක් හට ‍ගැනුණා.

එහිදී, බොහෝ පිරිසක් අත්අඩංගුවට ගැනීමටයි, ඉරාන පොලීසිය පියවර ගෙන තිබුණේ. එම විරෝධතාවන්ට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මේ වන විටත්, පොලීසිය ක්‍රියා කරමින් සිටිනවා.

මෙම යුවල ද නර්තනය මගින් විරෝධතාව පළ කර ඇති බවට, වාර්තා වෙනවා.

මිලියන 2 කට අධික සාමාජිකයන් සිටින ඔවුන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ එම වීඩියෝව පළ කිරීමත් සමඟයි, පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

https://bit.ly/3HNRzUM