ඡන්දෙ ස්ථිරයි! ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නත් සුදානම්

ඡන්දෙ ස්ථිරයි! ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නත් සුදානම්

දිස්ත්‍රික්ක දොළහක් සඳහා පළාත් පාලන ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මේ වන විට සැලසුම් කර අවසන් යැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ දිනපතා පලවන පුවත් පතකට පවසා තිබේ.

ඡන්ද විමසීම සඳහා වන මුද්‍රණ කටයුතුවලට අවශ්‍ය කඩදාසි ප්‍රමාණවත් තරම් මුද්‍රණාලය සතුව පවතින බව සඳහන් කළ මුද්‍රණාලයාධිපතිනිය දිස්ත්‍රික්ක විසිපහට ම අවශ්‍ය දැන්වීම් මුද්‍රණය කිරීමට සූදානමින් පවතින බව ද පවසා ඇත.

මේ අතර මාර්තු 9 වැනි දා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් වී තිබෙනවා.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් 80,720 දෙනෙකු ඉදිරිපත්වී ඇති බව එහි සඳහන් වේ.