අරගලය අවසන් නෑ, ඉස්සරහට යනවා – එළියට ආපු වසන්තගෙන් සැර කතාවක්

අරගලය අවසන් නෑ, ඉස්සරහට යනවා – එළියට ආපු වසන්තගෙන් සැර කතාවක්

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ට ඇප හිමිවීමත් සමඟ ඔහුව ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

ඒ, ඔහු අද (01) කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුට එරෙහිව පවතින තවත් නඩු 03කට අදාළව ඇප නියම වීමත් සමඟයි.

ඊයේ (31) ත්‍රස්ත පනත යටතේ ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුව නිදොස් කොට නිදහස් කළ අතර අද ඇප හිමිවූ නඩු 03ට අදාලව ඔහුව නැවත බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබුණා.

මේ අතර ඇපමත නිදහස් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වසන්ත මුදලිගේ කියා සිටියේ, “මේ ආණ්ඩුව ඉස්සරහ දණ ගහන්න අපි ලෑස්ති නෑ, මේක තවත් ආරම්භයක්, අරගලය ඉස්සරහට යනවා” යනුවෙන්

ඇපමත නිදහස් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න.