69 ලක්ෂයේ ජනවරම අහිමි කළේ පොහොට්ටුව අතහැර ගිය පිරිසයි – රංජිත් බණ්ඩාර

69 ලක්ෂයේ ජනවරම අහිමි කළේ පොහොට්ටුව අතහැර ගිය පිරිසයි – රංජිත් බණ්ඩාර

පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තිබු 69 ලක්ෂයේ ජනවරම අහිමි කළේ පොහොට්ටුව අතහැර ගිය පිරිස බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර පවසනවා.

අද (31) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම පක්ෂයෙන් වෙන් වී කටයුතු කරන පිරිස තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රය ඉලක්ක කරගෙන කල්ලි කණ්ඩායම් ලෙස වෙන් වී ක්‍රියා කරන බවයි ඔහු එහිදී පැවසුවේ.

කෙසේ වෙතත් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් ලෙස දක්ෂයන් රැසක් ඉදිරිපත් කර ඇති අතර ඒ වෙනුවෙන් මේ වන විට සැලසුම් සහගතව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.