වසන්ත මුදලිගේ නිදහස්

වසන්ත මුදලිගේ නිදහස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ් භාරයේ සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

වසන්ත මුදලිගේ දින 150කට වඩා වැඩි කාලයක් ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා සිටියා.

වසන්ත මුදලිගේට චෝදනා කිරීම සඳහා ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම පදනම් විරහිත ක්‍රියාවක් බව යි අධිකරණය අවධාරණය කර ඇත්තේ.

අද මෙම නඩුවෙන් ඔහු නිදහස් කෙරුණ ද තවත් නඩු කිහිපයකට අදාළව ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.