මෙරට සිදුවන මරණවලින් 83% ක්ම බෝ නොවන රෝගවලින් – සෞඛ්‍ය අංශ

මෙරට සිදුවන මරණවලින් 83% ක්ම බෝ නොවන රෝගවලින් – සෞඛ්‍ය අංශ

මෙරට තුළ සිදුවන මරණවලින් 83% ක් ම සිදුවන්නේ බෝ නොවන රෝගවලින් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය සඳහන් කළේ, මෙරට තුළ සිටින දියවැඩියා රෝගීන්ගෙන් 50% ක ප්‍රමාණයක් හඳුනාගෙන නොමැති බවයි.

රෝගීන් දියවැඩියාව පාලනය නොකිරීම හේතුවෙන් වකුගඩු රෝගවලට පිවිසීම හෝ හෘදයාබාධවලට යොමුවන බව ද ඇය පැවසුවාය.

විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පෙන්වා දෙන්නේ, එසේ නොවුනහොත් අංසභාග තත්ත්වයන්ට හෝ පත්වන බවයි.

මේ හේතුවෙන් අධික රුධිර පීඩනය ද ඇතැම් රෝගීන්ට වැළදෙන බව වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පැවසුවාය.

බොහෝ පිරිස් බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමට නොපැමිණෙන බව ද ඇය සඳහන් කළා ය.