මීළඟ ජනාධිපතිවරණ සටනට ජනපති රනිලුත් එනවලු

මීළඟ ජනාධිපතිවරණ සටනට ජනපති රනිලුත් එනවලු

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපතිවරණය සඳහා තරඟ කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර ප්‍රකාශ කර ඇත.

රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර ඇත.

මේ අතර මීළඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අද (31) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.