මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් – 70ක් මරුට

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් – 70ක් මරුට

පකිස්ථානයේ, පේශාවර් නගරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 157 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

එරට ආරක්ෂක අංශ සඳහන් කළේ, ප්‍රාදේශීය පොලිස් මූලස්ථානය සහ ත්‍රස්ත මර්දන ඒකකයක් අසළ පිහිටි ඉස්ලාම් පල්ලියක යාඥාවක් අතරතුරදී මෙම පිපිරීම සිදු වී ඇති බවයි.

මෙහි ආගමික වතාවත් සඳහා බොහෝවිට ආරක්ෂක අංශ නිලධාරීන් සහභාගී වන බවත් මෙම ප්‍රහාරය ඔවුන් ඉලක්ක කරමින් සිදු කළ බවට සැක පළ කරන බවත් එරට බලධාරීන් සඳහන් කළේ ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙය පකිස්ථානයේ වසරක පමණ කාලයකදී සිදු වූ දරුණුතම බෝම්බ ප්‍රහාරය බවයි.

https://bit.ly/3WR12Pd