පොලීසිය උසාවියෙන් කළ ඉල්ලීමක් ඉවත දමයි

පොලීසිය උසාවියෙන් කළ ඉල්ලීමක් ඉවත දමයි

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ සමාජිකයින් පිරිසක් අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසළ සිදුකරන නිහඬ විරෝධය වළක්වන නියෝගයක් ඉල්ලා කෙසෙල්වත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එම ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (31) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කළ අතර එම අවස්ථවේ මෙම නිහඬ විරෝධතාවය පැවැත්වුණා.

එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ විරෝධතාකරුවන් ජනතාවට පීඩාවන ආකාරයට කටයුතු කරන්නේ නම් එය වැළැක්වීමට පොලිසිය සතු බලතල ක්‍රියාත්මක කළ හැකි බවයි.

වසන්ත මුදලිගේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති හෙයින් නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

වසන්ත මුදලිගේ දින 150කට වඩා වැඩි කාලයක් ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා සිටියා.